අදට යොදා ගත් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වර්ජනය (Video)
Thursday, 28 April 2022 - 8:42 | Views - 1,375
ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් අද දැවැන්ත සංකේත වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසනවා.

'ජනමතයට හිස නමනු - ආණ්ඩුව ගෙදර යනු' යන තේමාව යටතේ මෙම වෘත්තීය අරගලය සංවිධාන කර ඇති අතර වෘත්තීය සමිති දහසකට අධික සංඛයාවක් මේ සඳහා එක්ව සිටින බවයි එහි නියෝජිත රවී කුමුදේශ් ප්‍රකාශ කළේ.

අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලිබල, බැංකු, තැපැල්, සමෘද්ධි, සංවර්ධන නිලධාරී, කම්කරු සහ වෙළඳ කලාප ඇතුළු සෑම ක්ෂේත්‍රයකම පිරිස් මෙම වර්ජනයට එක්ව සිටිනවා.

මේ අතර මෙම වර්ජනය හේතුවෙන් රාජ්‍ය සේවාවලට බාධා එල්ල විය හැකි බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව කාර්යාලවලින් ඉටුකර ගැනීමට අපේක්ෂාවෙන් සිටින සේවා ඉටු කර ගැනීම සඳහා විකල්ප දින සැලසුම් කර ගන්නා ලෙසයි එම සංගමය දැනුම් දුන්නේ.

මෙම වර්ජනයට සමගාමීව අද මරදාන - ටෙක්නිකල් මංසන්ධියේ සිට කොළඹ කොටුව දක්වා විරෝධතා පා ගමනක් සැලසුම් කර ඇති අතර, සෞඛ්‍ය සේවය ඇතුළු ආයතනවල පැය දෙකක විරෝධතා ක්‍රියාමාර්ග සිදුකිරීමට ද නියමිතයි.

වර්ජනය ක්‍රියාත්මක වීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බාධා එල්ල විය හැකි බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සඳහන් කළේ.

එසේම, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතුවලටද බාධා එල්ල විය හැකි බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක කියා සිටියා.

තම සංගමය අද උදෑසන 9.30ට නිදහස් චතුරස්‍රය අසලදී නිහඬ විරෝධතාවකට එක්වන බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් ප්‍රදීප් ලක්ෂාන්ත කියා සිටියේ.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ රාජකාරි සඳහා වාර්තා කරන බවට සේවකයන් දැනුම් දී තිබුණත් ඔවුන් නොපැමිණීම නිසා දුම්රිය සුළු ප්‍රමාණයක් ධාවනය කෙරෙන බවයි.

මේ නිසා මඟීන්ට සිදුවන අපහසුතා මඟ හරවා ගැනීමට විකල්ප ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු ඉල්ලා සිටියා.

දුම්රිය ධාවනය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ, සාමාන්‍යයෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන් වාර 80ක් පමණ ධාවනයට සැලසුම් කර තිබුණ ද මෙතෙක් කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණ ඇත්තේ බදුල්ලේ සිට පැමිණෙන රාත්‍රි තැපැල් දුම්රිය පමණක් බවයි.

එමෙන්ම හලාවත සිට තවත් දුම්රිය කොටුව දුම්රියපළ වෙත ළඟා වෙමින් පවතින බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය වන ආකාරයක් මේ වනවිට දක්නට ලැබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ ලංගම සහ පෞද්ගලික බස් රථ අද දිනයේ ධාවනය කරන බවට දැනුම් දී තිබූ බවයි. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top