ජනතාවට කතා කරන්න - රජයෙන් අලුත් ක්‍රමයක්
Tuesday, 26 April 2022 - 12:01 | Views - 594
සතියේ දින 7 පුරාම ජනමාධ්‍ය අමාත්‍යංශය හරහා ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ජනතාව වෙත තොරතුරු ලබාදීමට කැබිනට් මණ්ඩලය අවසර දී තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු සමාජගතවීම වැළැක්වීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙසේ පැන නැගී ඇති දේශපාලන ආර්ථික සහ සමාජයීය ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ යථා තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දී තිබෙනවා.
Share This Article