ලොව ධනවත්ම පුද්ගලයා - TWITTER මිලදී ගනියි
Tuesday, 26 April 2022 - 10:16 | Views - 627

Forbes සඟරාවට අනුව Elon Musk ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 269.5 ක්.
ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන කෝටිපති එලොන් මස්ක් පසුගියදා TED හි Chris Anderson සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මෙම හෙළිදරව්ව සිදු කර තිබෙනවා.
තමාට නිවසක් නොමැති බවත් මිතුරන්ගේ නිදන කාමරවල නිදා ගන්නා බවත් එලොන් මස්ක් පවසනවා.
“මට දැන් ඉන්න තැනක්වත් නැහැ. මම ඉන්නෙ යාලුවන්ගෙ කාමරවල,"
“මට ගමනාන්තයක් නැහැ, මම නිවාඩු ගන්නේ නැහැ,” ඔහු තවදුරටත් පවසනවා.
ලොව පුරා ධන විෂමතාව සහ ප්‍රකෝටිපතියන් විසින් වියදම් කරන ලද මුදල් ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මස්ක් මේ බව පවසා සිටියා.
එසේම , ට්විටර් ලොව වේගයෙන් ව්‍යාප්තවන සමාජ මාධ්‍ය ජාලයක් වන අතර එහි සාමාජිකයින් ගණන මිලියන 396.5ද වනවා.
කෙසේ වෙතත් ,එහි හිමිකාරීත්වය ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් විසින් ඩොලර් බිලියන 44කට මිලදී ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මීට වසර 16කට පමණ පෙර ස්ථාපනය කළ ට්විටර් හි වෙනස්කම් රාශියක් ඉදිරියේදී සිදුවීමට ඉඩ ඇති බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.
එසේම මස්ක් නිදහස් අදහස් ප්‍රකාශනයට මුල්තැන දෙන අයෙක් ලෙස ප්‍රසිද්ධ නිසාවෙන් ඉදිරියේදී නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ට්විටර් ගිණුම් හිමියන්ට අවස්ථාව හිමිවීමට ඉඩ කඩ ලැබෙන බව ද විදෙස් විචාරකයෝ වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබෙනවා.කෙසේ වෙතත් මෙහි "හොඳ මෙන්ම නරකද" තිබිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
Musk දැනට Twitter හි සියයට 9.1 ක කොටස් හිමිකරු වන අතර සමාජ මාධ්‍ය සමාගමේ දෙවන විශාලතම කොටස් හිමියාද ඔහු බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ.
Share This Article