පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට පාප් වහන්සේගේ ආශිර්වාදය (LIVE)
Monday, 25 April 2022 - 16:23 | Views - 246
වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ දී අද (25) ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ට ආශිර්වාදය පළ කිරීමට එක්වුණා.
ඒ, බැසිලිකා දේවස්ථානයේ සිංහල බසින් ගීතිකා ගයමින් පැවැත්වූ දිව්‍යා පූජාවකින් අනතුරුවයි.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ තවත් දේවගැතිවරුන් සමග පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූයේ පාප් වහන්සේගේ ඇරයුමෙන්.
එහිදී පාස්කු වින්දිතයන් සිහිපත් කරන සිහිවටන තිළිණයක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත පිළිගන්වනු ලැබුවා.
මෙම අවස්ථාවට බෞද්ධ භික්ෂුන් වහන්සේලා දෙනමක් ද සහභාගි වී සිටීම විශේෂත්වයක්.
Share This Article