නිදහසේ මැරෙන්නත් නෑ - පෙට්ටිය ගන්නත් පෝලිමේ ඉන්න වෙයිද ?
Monday, 25 April 2022 - 14:40 | Views - 1,222
මිනී පෙට්ටි නොමැති වීමෙන් මල්ශාලා හිමියන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවට වාර්තා වෙනවා.

පෙට්ටි නිෂ්පාදනය කිරීම අඩුවීම හේතුවෙන් මල්ශාලා හිමියන් මෙන් ම මියයන පුද්ගලයන්ගේ ඥාතීන් මෙලෙස දැඩි අර්බුදයකට පත්ව ඇති බව සදහන්. 
 
මෙයට ප්‍රධාන හේතුව ලෙස මිනී පෙට්ටි නිෂ්පාදකයන් පවසන්නේ, ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්‍රල් ගැලුම්වලට නිකුත් නොකිරීම හේතුවෙන් ගස් කපන යාන්ත්‍රික කියත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව ත් ඒ හේතුවෙන් පෙට්ටි සෑදීම සඳහා ගන්නා ලෑලි අධික ලෙස මිල වැඩි වී ඇති බැවින් පෙට්ටි සෑදීම අසීරු වී ඇති බව ය. 
 
තවද ලී මෝල්වලට අවශ්‍ය දැව කඳන් නොලැබීම හා ලැබෙන දැව කඳන් ලෑලි බවට පත් කිරීම සඳහා යොදා ගන්නා විදුලිය මෙන්ම ඩීසල් නොමැති වීම සහ ඩීසල් මිල වැඩි වීමත් සමග ම ලී මෝල්වලින් අධික මිල ගණන් යටතේ ලබා ගන්නා ලෑලිවලින් සකස් කරන පෙට්ටි මිල වැඩි වී ඇති බවත් මේ හේතුවෙන් මල් ශාලා හිමියන් ද දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත් වාර්තා වේ. 
 
මීට පෙර මාතර කඹුරුගමුව, ගරාඩුව ආදී ප්‍රදේශවලින් පෙට්ටි ලබාගත් නමුත් ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉරන ලද ලෑලි ලබා ගැනීමේ අපහසුතාව හේතුවෙන් එම ප්‍රදේශවල පෙට්ටි නිෂ්පාදනය සීමා වී ඇති අතර ඒ හේතුවෙන් මොරටුව ප්‍රදේශයෙන් පෙට්ටි ලබා ගැනීමට සිදුව ඇත. 
 
ප්‍රවාහනය සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීම නිසා මරණයක වැඩ අවසන් කිරීමට පෙර තිබූ මුදලට වඩා වැඩි මුදලක් අය කිරීමට සිදුවීම හේතුවෙන් මරණකරුගේ ඥාතීන් ද මේ නිසා දැඩි අපහසුතාවකට පත්ව ඇත. 
 
දැන් පවතින තෙල් පෝලිම, ගෑස් පෝලිම, කිරිපිටි පෝලිම දැක්කම මරණය රෙදිවල ඔතා වළ දාන යුගය වැඩි ඈතක නොවන බවත් වර්තමාන ආණ්ඩුව තවදුරට ත් පැවැතියහොත් මිනී පෙට්ටි ගන්න මල්ශාලා අසල පෝලිමේ ඉන්න සිදුවන යුගය අත ළඟ බවත් ජනතාව පවසති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top