ප්රබල නිලධාරියෙකුගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව - දේශපාලන තක්කඩි ගැනත් කතා කරයි
Monday, 25 April 2022 - 9:44 | Views - 435
දේශපාලනය කියන්නෙ ලංකාවේ මිනිස්සුන්ට යක්ෂයා ආරූඪ කරවන තරමට එපා කරපු මාතෘකාවක්.
මේ දවස්වල විවිධ පාර්ශවවලින් නානාප්රකාර දේශපාලඥයන්ගේ මගෝඩි වැඩ ගැන විස්තර එහෙමත් හරි හරියට එළියට දානවා.
දේශපාලනය නම් කොහෙත් එකයි කියලා හිතෙන ඉන්දියාවෙන් ඇහෙන කතාවක් තමයි මේ.
හිටපු අයි.ඒ.එස් නිලධාරියා කියන විදියට දේශපාලනයේ ඉන්න පුළුවන් තක්කඩි අයට විතරයි. හිටපු IAS නිලධාරියෙකු වන U.Sagayam ඊයේ මදුරෙයි ලෝක දෙමළ සංගමයේ උත්සවයකට සහභාගී වෙමින් වාර්තාකරුවන්ට පැවසුවේ තමිල්නාඩුවේ උගත් දරුවන් ලක්ෂ 90ක් රජයේ රැකියා ලියාපදිංචිය බලාපොරොත්තුවෙන් සිටින බවයි.
එය මඟහරවා ගැනීම සඳහා උතුරේ පුද්ගලයන්ට වංචනික සුදුසුකම් ලබා දී රජයේ තනතුරු සඳහා ඉල්ලුම් කිරීම රජයට නීති විරෝධීව වැඩ කරන බවත් ඔහු හෙළි කරා.
Share This Article