බලශක්ති අමාත්‍යංශයෙන් සුබ පණිවුඩයක්
Monday, 25 April 2022 - 9:02 | Views - 2,374
ඉදිරි දින තුනක කාලය තුළ ඩීසල් හා පෙට්‍රල් තොග රැගත් නෞකා මෙරටට ළඟා වීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව ඩීසල්, සුපර් ඩීසල්, පෙට්‍රල් ඔක්ටේන් 92 සහ 95 මෙන් ම බොරතෙල් තොග ද ප්‍රමාණවත් පරිදි මෙරටට ලැබෙනු ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
එමගින් දැනට පවතින ඉන්ධන පෝලිම් ක්‍රමයෙන් නිමාවනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි එම අමාත්‍යාශය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article