නව කැබිනට්ටුවේ - පළමු රැස්වීම අද
Monday, 25 April 2022 - 8:33 | Views - 500
නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙනවා.

පසුගිය 18 වන දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ලැබුවා.

එමෙන්ම, නව අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන හා විෂය පථයන් ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතු බවට වන කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා විසින් අද අමාත්‍ය මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය පාර්ලිමේන්තු සතියේ දී ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ සමගි ජන බලවේගය විසින් ද කථානායකවරයා වෙත භාර දුන් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන කෙටුම්පත් යෝජනා දෙක ද අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ.

ඒ අනුව ඉදිරියේ දී ගෙන ඒමට නියමිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත ඉදිරියේ දී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යි.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top