IMF ගැන කතා කරන්න - මැතිසබයේ විවාදයක්
Saturday, 23 April 2022 - 11:42 | Views - 2,238
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් මැයි මස 4 වන දා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, එදින පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අප්‍රේල් 22) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන්.

ඒ අනුව, පාර්ලිමේන්තුව මැයි මස 4, 5 සහ 6 යන තෙදින රැස්වීමට නියමිත අතර මැයි මස 6 වන දා හැර අන් දෙදින පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙන බවද සඳහන්.

මේ අතර, කතානායකවරයා වෙත මේ වන විට ලැබී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා‍වේ සාමාජිකයින්ගේ රැස්වීමක් ලබන 28 වන දා පෙරවරු 10.00 පැවැත්වීමට ද එහිදී තීරණය කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top