IMF ගැන කතා කරන්න - මැතිසබයේ විවාදයක්
Saturday, 23 April 2022 - 11:42 | Views - 2,239
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් මැයි මස 4 වන දා පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව, එදින පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අප්‍රේල් 22) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන්.
ඒ අනුව, පාර්ලිමේන්තුව මැයි මස 4, 5 සහ 6 යන තෙදින රැස්වීමට නියමිත අතර මැයි මස 6 වන දා හැර අන් දෙදින පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙන බවද සඳහන්.
මේ අතර, කතානායකවරයා වෙත මේ වන විට ලැබී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින්ගේ රැස්වීමක් ලබන 28 වන දා පෙරවරු 10.00 පැවැත්වීමට ද එහිදී තීරණය කර තිබෙනවා.
Share This Article