රංගන ශිල්පී ජෙහාන්ගේ සහයට ආ හිටපු මැකෝ (Photos)_
Saturday, 23 April 2022 - 11:06 | Views - 696
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මීගමුව කටුවාපිටියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා කුරුසියක් කර තබාගෙන පා ගමනින් පැමිණෙන රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඊයේ ගාලු මුවදොර පිටියට පැමිණියා.ඔහු සිය ගමන ආරම්භ කර තිබුණේ මීට දින කිහිපයකට පෙර කටුවාපිටිය දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබාගනිමින් අනතුරුවයි.ඉතා විශාල ප්‍රමාණයේ කුරුසියක් කර තබාගෙන කිලෝමීටර 40 ක පමණ දුරක් පැමිණි මෙම අවස්ථාවට මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද එක්ව සිටියා.ඒ හැඳල හන්දියටයි. එහි ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වෙමින් පවතිනවා.

Share This Article