විවාහ උත්සව ශාලා ගාස්තු 40%කින් ඉහළට
Saturday, 23 April 2022 - 10:31 | Views - 1,122
විවාහ උත්සව ශාලා ගාස්තු 40%කින් ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයේ සභාපති සඳහන් කළේ,
ඊයේ ( 2022/04/22 ) සිට අලුතෙන් ලබා ගන්නා ඇණවුම් සඳහා 40%කින් මිල වැඩි කිරීමක්ද , දැනට සතුව තිබෙන ඇණවුම් සදහා 20%ක් දක්වා මිල වැඩි කිරීමකටද යාමට තීරණය කළ බවයි.
මෙය මෙය ක්ෂ්ත්රය සඳහා සමස්ත දිවයිනටම අදාල බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article