සිමෙන්ති මිලත් යළි ඉහළ යන ලකුණු - ආපනශාලා 30% ක් වැසෙයි
Saturday, 23 April 2022 - 9:39 | Views - 1,302
ඉදිරි සතියේදී සිමෙන්ති මිල යළි ඉහළ නැංවීමට සිදුවන බව සිමෙන්ති ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරයේ වටිනාකම ඉහළ යාම හේතුවෙන් එලෙස මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

ඒ අනුව මේ වන විට වැඩි කල යුතු මිල තීරණය කිරීම සඳහා ගණනය කිරීමේ කටයුතු සිදුකරමින් සිටින බව සිමෙන්ති ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ පාරිභෝගිකයන්ට විශාල ලෙස අපහසුතාවයකට පත් නොවන පරිදි එම මිල ගණන් ඉහල නැංවීමට උත්සහ කරන බවයි.

සිමෙන්ති කොට්ටයක් දැනට අලෙවි කෙරෙන්නේ රුපියල් 2,350 ක මිලකටයි.

මේ අතර දිවයින පුරා ඉන්ධන හල් රැසක ඊයේ දිනයේත් රාත්‍රිය දක්වාම දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර ගෑස් නොමැති වීම හේතුවෙන් දිවයින පුරා ආපන ශාලා සියයට 30 ක් පමණ මේ වනවිට වැසී ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් හිරු ප්‍රවෘත්තී අංශයට සඳහන් කළේ මේ හේතුවෙන් ඉදිරියේදී තවත් ආපනශාලා රැසක් වැසී යාමේ අවදානමක් මතුව ඇති බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top