ඉදිරි සතියේදී සිමෙන්ති මිල යළි ඉහළ නැංවීමට සිදුවන බව සිමෙන්ති ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමය සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරයේ වටිනාකම ඉහළ යාම හේතුවෙන් එලෙස මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි.
ඒ අනුව මේ වන විට වැඩි කල යුතු මිල තීරණය කිරීම සඳහා ගණනය කිරීමේ කටයුතු සිදුකරමින් සිටින බව සිමෙන්ති ආනයනකරුවන්ගේ සංගමය ප්රකාශ කළා.
එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ පාරිභෝගිකයන්ට විශාල ලෙස අපහසුතාවයකට පත් නොවන පරිදි එම මිල ගණන් ඉහල නැංවීමට උත්සහ කරන බවයි.
සිමෙන්ති කොට්ටයක් දැනට අලෙවි කෙරෙන්නේ රුපියල් 2,350 ක මිලකටයි.
මේ අතර දිවයින පුරා ඉන්ධන හල් රැසක ඊයේ දිනයේත් රාත්රිය දක්වාම දිගු පෝලිම් දක්නට ලැබුණා.
මේ අතර ගෑස් නොමැති වීම හේතුවෙන් දිවයින පුරා ආපන ශාලා සියයට 30 ක් පමණ මේ වනවිට වැසී ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් හිරු ප්රවෘත්තී අංශයට සඳහන් කළේ මේ හේතුවෙන් ඉදිරියේදී තවත් ආපනශාලා රැසක් වැසී යාමේ අවදානමක් මතුව ඇති බවයි.