දිලුම් අමුණුගමගේ ලේකම් මේක කළේ - සත්‍ය සඟවන්න පොලිස් නිළධාරීන් මට තර්ජනය කළා
Friday, 22 April 2022 - 13:47 | Views - 667

ඉන්ධන මිල පහළ හෙළන්නැයි ඉල්ලමින් පැවැති විරෝධතාවේදී සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම ස්ථානයට ඊයේ (21දා) ගොස් තිබෙනවා. එහිදී ප්‍රදේශවාසීන් හා නිරත වූ කතා බහකදී, ප්‍රධාන සාක්ෂිකරු ලෙස සදහන් පුද්ගලයා සිද්ධිය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. මේ පිළිබඳව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සවස් යාමයේදී රඹුක්කන සිද්ධිය සමාව ගෙන සමථයකට පත් වී තිබියදීත් කැරලි මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ සිවිල් වැසියන් දෙසට රබර් උණ්ඩ යොදා ප්‍රහාරයක් එල්ල කර කදුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළ බවයි. එහිදී විරෝධතාවට පැමිණ සිටි පිරිස පසු බසිත්දීත් එදෙසට පොලිස් නිලධාරීන් වෙඩි තැබූ බවද සාක්ෂිකරු සඳහන් කළා.ඉන් පසු මාර්ගයේ එක් පැත්තක නවතා තිබූ ත්‍රිරෝද රථයටද කැරලි මර්දන ඒකකයේ පොලිස් නිලධාරියෙකු ගිනි තැබූ බවත්, ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගමගේ ලේකම්වරයෙකු යැයි කියන ආධාරකරුවෙකු පැමිණ ඉන්ධන පිරවුම්හලට හා ඉන්ධන බවුසරයට ගිනි තැබීමට උත්සාහ දැරූ බවත් ප්‍රදේශවාසීන් විසින් ඉන්ධන පිරවුම් හලේ ගින්න මැඩ පැවැත්වූ බවත් ප්‍රධාන සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිද්ධිය විස්තර කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තම සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණේ මෙවන් අදහසක්."O.I.C නිර්දෝෂයි. S.S.P බීල ඇවිත් අණ දීල තියෙන්නෙ වෙඩි තියන්න. දැන් ඔක්කොම සාක්ෂි හංගනව. සාක්ෂි දෙන්න හදන අයට මරණ තර්ජන කරනව. මූණවල් වහ ගත්ත දෙන්නෙක් ඇවිත් තමයි ත්‍රීවිල් එකට ගිනි තිබ්බෙ. - රඹුක්කන වෙඩි තැබීමෙන් මිය ගිය තරුණයාගේ නිවසට ගිය අවස්ථාවේදී අසල් වාසීන්, වටපිට මිනිසුන් සත්‍ය සිදුවීම ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමන්ට පවසයි."

Share This Article