අප්‍රේල් 30 සිට අනිවාර්යය නීතියේ ගැසට්ටුවට සිදු වූ දේ ?
Friday, 22 April 2022 - 11:04 | Views - 1,629
ලබන 30 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත පොදු ස්ථානවලට පිවිසීම සඳහා පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කිරීමට අදාළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.
ඔහු කියා සිටියේ රට තුළ පවතින තත්වය හමුවේ යළි කොරෝනා ව්‍යාප්තියක් ඇති වුවහොතේ මෙම අර්බුදකාරී තත්වය තවදුරටත් උත්සන්න විය හැකි බැවින් සෞඛ්යාරක්ෂිත පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවයි.
එමෙන්ම, පොදු ස්ථානවල මුව ආවරණ පැළදීම අනිවාර්ය නොකිරීමට ගත් තීරණය යළි අත්හිටුවීමට රජය ඊයේ පියවර ගත්තා.
Share This Article