සිපෙට්කෝ පිරවුම්හල් 350 කට අවුරුදු මාසේ තෙල් නැහැ
Friday, 22 April 2022 - 9:36 | Views - 2,617

අප්‍රේල් මාසය තුළ ඉන්ධන ලබාදිය යුතුව තිබූ සිපෙට්කෝ පිරවුම්හල් 350කට ඉන්ධන ලබාදීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාව කටයුතු කර නොමැති බව පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ශාන්ත ද සිල්වා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මාර්ග අවහිර කරමින් පැවති විරෝධතා නිසා ඉන්ධන බෙදාහැරීමට නොහැකි වීම හේතුවෙන් මේ වනවිට දිවයින පුරා පිරවුම්හල් රැසක ඉන්ධන හිඟයක් පවතින බවයි.
කෙසේ වෙතත්, තොග ගබඩා පර්යන්තය තුළ ඉදිරි දින කිහිපයට අවශ්‍ය ඉන්ධන තොග පවතින බැවින්, එම ඉන්ධන බෙදාහැරීමත් සමඟ, ඉදිරි දින 03 තුළ පිරවුම්හල් තුල දැනට පවතින ඉන්ධන හිඟය පහව යනු ඇති බව ඔහු ප්‍රකාශ කළා.
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක ඊයේත් රාත්‍රිය දක්වාම දිගු පෝලිම් පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර කොළොන්නාව තෙල් බෙදාහැරීමේ පර්යන්තයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ එම ස්ථානයට පැමිණියා.
එමෙන්ම මාර්ග අවහිර කිරීම් සහ විරෝධතා හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ නතරවී තිබූ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ඊයේ යළි ආරම්භ කෙරුණා.
එහිදී බවුසර් 600 කට ආසන්න ප්‍රමාණයක් සහ දුම්රිය පහක් මගින් ඉන්ධන ප්‍රවාහන කිරීමේ කටයුතු සිදු කෙරුණු අතර, ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන සැපයුම යථා තත්වයට පත් කිරීම සඳහා පැය විසි හතර පුරා බෙදාහැරීම් කටයුතු සිදුකිරීමට නියමිතයි.
Share This Article