ශ්‍රී ලංකා රුපියල සුඩානයට පමණක් දෙවැනි වෙයි - දකුණු ආසියාවේ වැඩිම තෙල් මිලත් මෙරට
Friday, 22 April 2022 - 9:20 | Views - 645
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීමත් සමඟ ශ්‍රී ලංකාව දකුණු ආසියාතික රටවල් අතරින් වැඩිම ඉන්ධන මිලක් ඇති රට ලෙස අන්තර්ජාතික දත්ත හා සංඛ්‍යා ලේඛන සඳහන් කරනවා.
මෙසේ ඉන්ධන මිල ඉන්දියාව තුළ පෙට්‍රල් ලීටරයක මිල ඉන්දියානු රුපියල් 113.19ක් වන බව සඳහන් වන අතර නේපාලය තුළ නේපාල රුපියල් 158.76ක්ද, පාකිස්තානය තුළ පාකිස්තානු රුපියල් 152.06ක්ද, බංග්ලාදේශය තුළ බංග්ලාදේශ මුදල් ඒකකය වන බංග්ලාදේශ ටාකා 87.49ක් වන බව සඳහන් ව තිබෙනවා.
මේ වන විට මෙරට තුළ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 338ක් වන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක් ලෙසයි දැක්වෙන්නේ.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට රුපියල් 339.99 වන අතර ලෝකයේ රටවල් අතර ඩොලරයට සාපේක්ෂව වැඩියෙන්ම අවප්‍රමාණයක් වී ඇති මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල වන බවද අන්තර්ජාතික දත්ත හා සංඛ්‍යා ලේඛන වල සඳහන්.
මුදල් අවප්‍රමාණය වීම අතින් සුඩානයට පමණක් පහළින් ශ්‍රී ලංකාව සිටින අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සුඩාන මුදල් ඒකකය වන සුඩාන පවුමක (Sudanese pound) මිල 447.50ක් වනවා.
Share This Article