ශ්‍රී ලංකා රුපියල සුඩානයට පමණක් දෙවැනි වෙයි - දකුණු ආසියාවේ වැඩිම තෙල් මිලත් මෙරට
Friday, 22 April 2022 - 9:20 | Views - 646
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීමත් සමඟ ශ්‍රී ලංකාව දකුණු ආසියාතික රටවල් අතරින් වැඩිම ඉන්ධන මිලක් ඇති රට ලෙස අන්තර්ජාතික දත්ත හා සංඛ්‍යා ලේඛන සඳහන් කරනවා.

මෙසේ ඉන්ධන මිල ඉන්දියාව තුළ පෙට්රල් ලීටරයක මිල ඉන්දියානු රුපියල් 113.19ක් වන බව සඳහන් වන අතර නේපාලය තුළ නේපාල රුපියල් 158.76ක්ද, පාකිස්තානය තුළ පාකිස්තානු රුපියල් 152.06ක්ද, බංග්ලාදේශය තුළ බංග්ලාදේශ මුදල් ඒකකය වන බංග්ලාදේශ ටාකා 87.49ක් වන බව සඳහන් ව තිබෙනවා.

මේ වන විට මෙරට තුළ පෙට්රල් ලීටරයක මිල රුපියල් 338ක් වන අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක් ලෙසයි දැක්වෙන්නේ.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට රුපියල් 339.99 වන අතර ලෝකයේ රටවල් අතර ඩොලරයට සාපේක්ෂව වැඩියෙන්ම අවප්‍රමාණයක් වී ඇති මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල වන බවද අන්තර්ජාතික දත්ත හා සංඛ්‍යා ලේඛන වල සඳහන්.

මුදල් අවප්‍රමාණය වීම අතින් සුඩානයට පමණක් පහළින් ශ්‍රී ලංකාව සිටින අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සුඩාන මුදල් ඒකකය වන සුඩාන පවුමක (Sudanese pound) මිල 447.50ක් වනවා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top