රුදුරු පාස්කුවෙන් වියෝ වූවන් අදටත් හදවත් සංවේගයෙන් බරකරන බව අමුතුවෙන් කියන්න ඕනි නෑ.
මියගිය අය වෙනුවෙන් වැළපෙන හදවත් අදටත් ඉන්නෙ ගිනි ගොඩක් උඩ බැව් විස්තර කරන්න ඕනිත් නෑ.
මේ අම්මත් ඒ වගේ තවමත් සොවින් තැවෙනවා..
හොරු අරන් ගියා සේ දූ පැටව් දෙන්නත් සැමියාත් ඇයට අහිමි වුණේ අද වගේ දවසකයි...
මේ ඇයගේ කඳුළු අකුරු වුණු හැටියි...
"අම්මා කෙනෙකි ලේ කිරි දුන් දරුවන්ට
බිරිඳකි යුතුකම් ඉටුකල නුඹට
වෙහෙසුනි දරුදෙදෙනගේ ලොව දිනවන්න
කැපවී ගොඩනැගූ කූඩුවේ සතුට රැඳී....
කෙළි ගී රැඟුම් වාදනයන් අඩුනොවිනී
නිවසේ එලිය කල මිණිකැට දෙකක් විනී
දරු සෙනෙහසින් මට කිසි අඩුවක් නොදැනී
සතුට හොරු අරන් ගියෙ ඇයි මේ ලෙසිනී
බලයක් රැකගන්න තවකෙක් රජවෙන්න
ඇයි පරයිනේ මේ ජීවිත බිලි ගත්තේ
මිනිස් ලෙයින් පූජාසනය සේදෙන්නේ
කල ඒ අපරාධ නුඹලට දැන් පල දෙන්නේ
වසර තුනක් ගෙවිලා මුත් අද දිනට
නැගෙනා ගිනිදැල්වලින් අඩුවක් නෑ හිතට
අනුබල දුන්න කරවපු මෙහෙයවපු උන්ට
සොයනු බැරිවීම ගැන තරහකි එන්නේ හිතට
මේ සා අපරාධයක් නොවුනා සේ රජ කරන බොරුවෙන් මුලාවෙන් වංචාවෙන් ඉන්න
වගකිවයුතු අමන රැල දක්කා යන්න
වැසියනි වරෙව් මා පෙරටුව යන්න... "
නිරංජලී.