තවත් ඔමික්‍රෝන් උප ප්‍රභේදයක් - ඇමෙරිකාව පුරාත් පැතිරෙයි
Thursday, 21 April 2022 - 13:01 | Views - 443
කොවිඞ් 19 ඔමික්‍රෝන් බී.ඒ.2 උප ප්‍රභේදය, මේ වනවිට ඇමෙරිකාව පුරා පැතිරී ඇතැයි එරට වසංගත රෝග පාලන මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
‘කොවිඩ් 19’ වයිරසයේ සැර බාල වී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ ව්‍යාප්තිය හේතුවෙන් බවයි සඳහන්. එසේම, ‘ඔමික්‍රෝන්’ විකෘතිය ද ‘බී.ඒ.1’ සහ ‘බී.ඒ.2’ ආදී වශයෙන් තවත් උප විකෘතිවලට බෙදී වෙන් වී ඇති බවටත් සඳහන්.
එයින් ද ආසාදිතයන් රෝහල් ගත කිරීමට ‘බී.ඒ.2’ විකෘතිය සමත් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
එසේම, තවමත් ලොව වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් බවයි විදේශ මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.
Share This Article