ගාලුමුවදොර අරගලයේ සහයට - නෝර්වුඩ්හි වතු කම්කරුවෙකු ගසක් මත නගියි
Thursday, 21 April 2022 - 11:52 | Views - 585
ගාලුමුවදොර ආරම්භ කර ඇති විරෝධතාවයට සහයෝගය දක්වමින් සහ රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාව අතරතුර පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට විරෝධය පළ කරමින් වතු කම්කරුවෙකු ගසක් මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ වතු යායක පිහිටි ගසක් මත නැගී 44 හැවිරිදි අයෙකු මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.
ඔහුට සහය දක්වමින් තවත් වතු කම්කරුවන් පිරිසක් ද එම ප්‍රදේශයේම විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
Share This Article