කාදිනල් හිමියන්ට - විපක්ෂ නායකගෙන් ලිඛිත පොරොන්දුවක් (Live)
Thursday, 21 April 2022 - 11:09 | Views - 239
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් මෙන්ම ඊට සම්බන්ධ සියලූ පිරිස තම රජයක් යටතේ විනිවිදභාවයකින් යුතු ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් හරහා නීතිය හමුවට ගෙන එන බවට කාදිනල්තුමා ට ලිඛිත පොරොන්දුවක් අද ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.
සමගි ජන බලවේගය ලෙස එම පොරොන්දුව ලබා දෙන බව කී විපක්ෂ නායකයා එම පොරොන්දු පත්‍රය සභාගත කරන බවද වැඩිදුරටත් සඳහන් කළා.
"පාස්කු කොමිසමේ සියලුම වෙළුම් ටික පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළු කරන්න.තොරතුරු සඟවන්නේ නැතිව සියලු දේ එළියට දාන්න රජයෙන් ඉල්ලා සිටිනවා. සියලු දේ එළිපිට විභාග කරන්න."යනුවෙන්ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article