රථ වාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්
Wednesday, 20 April 2022 - 17:25 | Views - 2,988
රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීම සඳහා අප්‍රේල් 23 වනදා දක්වා සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කර ඇති, එහෙත් 2022-04-11 සහ 12 දෙදින රජයේ නිවාු දින ලෙසට ප්‍රකාශයට පත් කිරීම නිසා ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව ගෙවීම සඳහා මෙලෙස ලබන 23 වනදා දක්වා සහන කාලයක් හිමිවනු ඇති.

මුදල් අමාත්‍යංශ ලේකම්ගේ ආවරණ අනුමැතියට යටත්ව මෝටර් වාහන පනතේ 215 (අ) වගන්තිය අනුව දඩ මුදල් දෙගුණයක් වීමේ කාලය නොසලකා මෙම දඩ මුදල් ගෙවීමට සහන කාලය ලබාදී ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න කියාසිටියේ.

මේ අනුව මාර්තු මස 29 වනදා සිට අප්‍රේල් මස 10 වන දින දක්වා (එම දින දෙක ද ඇතුලත්ව) නිකුත් කර ඇති දඩ පත්‍රිකා අතිරේක ගාස්තු රහිතව ලබන  23 වනදා දක්වා ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවිය හැකි බව තැපැල්පතිවරයා ප්‍රකාශ කළා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top