නව රාජ්‍ය ඇමතිවරු සිව් දෙනෙකු දිවුරුම් දෙයි
Wednesday, 20 April 2022 - 16:32 | Views - 781
තවත් රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනයක් නිකුත් කළා.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය මෙම නිල නිවේදනය නිකුත් කරන විටත් ඊයේ දිනයේ ජනාධිපතිවරයා ඉදිරියේ රාජ්‍ය අමාත්‍ය ධුරයන්හි දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු සිය අමාත්‍යංශවල වැඩ භාරගෙන තිබීමත් විශේෂ සිදුවීමක්.

මෙලස කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ විසිහත් වැනි මහලේ පිහිටුවා ඇති රෙදිපිළි නිෂ්පාදන සහ දේශීය නිශ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ භාරගනු ලැබුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සිට නැවත ආණ්ඩුවට එක්වූ අම්පාර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එස්.එම් මුෂාරෆ් මන්ත්‍රීවරයායි.  

ඔහු ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ඉදිරියේ මෙම රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබුනා.  

මීට අමතරව ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ඉදිරියේ ග්‍රාමීය මාර්ග සංවර්ධන අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ද අද දිනයේ එම අමාත්‍යාංශයේ වැඩ භාර ගත් බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ඊයේ දිනයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ එස් වියාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ද නියෝජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දී තිබෙනවා.

ඔහු දිවුරුම් දී ඇත්තේ ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

මේ අනුව මේ වන විට රාජ්‍ය අමාත්‍යවරුන් ගේ ලයිස්තුව 28ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

01-    සුරේන් රාඝවන්              -    උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
02-    සදාසිවම් වියාලේන්ද්‍රන්         -    තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
03-    සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්     -    ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
04-    මොහොමඩ් මුෂාරෆ්             -    පේෂ කර්මාන්ත හා දේශීය ඇගළුම් නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන්ගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top