අදත් දිවයින පුරා විරෝධතා (Photos & Video)
Wednesday, 20 April 2022 - 13:06 | Views - 875

ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව දිවයින පුරා ඇතැම් ප්‍රදේශවල මේ වන විට විරෝධතා (20) පැවැත්වෙනවා.මේ අතර, මාතර මහානාම පාලම අසළ පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.මේ වන විට පැවැත්වෙන විරෝධතා හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය පානදුර ප්‍රදේශයෙන් අද උදෑසන සිට අවහිර කරමින් පිරිසක් විරෝධතාවයේ නිරත වන අතර බලපිටිය නගරයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් ද ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වුණා.හිරු වාර්තාකරුවන් සදහන් කළේ මාර්ගය හරහා මෝටර් රථ දෙකක් සහ බස් රථයක් හරස් කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වන බවයි.එමෙන්ම, ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් බදුල්ල - පස්සර මාර්ගයේ 8 කණුව මංසන්ධියේ ද ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය එක් මං තීරුවකට සිමා කළ බවයි පොලීසිය සඳහන් කළේ.එමෙන්ම, බදුල්ල - චෙන්කලඩි මාර්ගය ද අද උදෑසන අවහිර වූයේ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව පැවති විරෝධතාවක් හේතුවෙන්.මීට අමතරව කොළඹ - පුත්තලම මාර්ගය, පොළොන්නරුව - හබරණ මාර්ගය, තංගල්ල - කතරගම මාර්ගය අවහිර කරමින් විරෝධතා පැවැත්වුණා.මීට අමතරව ධීවර උද්ඝෝෂණයක් නිසා ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටින් ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.එමෙන්ම, කඹුරුපිටිය, අකුරැස්ස, මහනුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර, කෑගල්ල, අම්බලන්ගොඩ, හැටන්, හලාවත, ඇල්පිටිය, අනුරාධපුරය, මිනුවන්ගොඩ, කැස්බෑව, බණ්ඩාරගම, බත්තරමුල්ල, තෝප්පුව, තිස්සමහාරාම ඇතුලු නගර රැසකම ඊයේ සහ අද දින විරෝධතා පැවැත්වුණා. ඇතැම් නගරවල ටයර් පුළුස්සමින් විරෝධතා පැවති බව අප වාර්තාකරුවන් සදහන් කළා.ඊයේ (19) මාතර - මහානාම පාලම අසළ පැවති විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළ අතර අනතුරුව විරෝධතාකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
Share This Article