වැඩි වූ බස් ගාස්තුව අද සිට
Wednesday, 20 April 2022 - 12:02 | Views - 3,014
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සියයට 35කින් ඉහළ දැමුණු බස් ගාස්තුව අද (20) සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව අද සිට රුපියල් 27 ක් වන බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.

එමෙන්ම මෙම බස් ගාස්තුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහාද බලපාන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ත්‍රිරෝද රථ රියදුරන්ට මගීන් සමඟ සාකච්ඡා කර තමන්ට කැමති මුදලක් අය කරගැනීමට අවස්ථාව ලබා දී ඇති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළා.

පෙරේදා (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ නැංවූ අතර, ඊට පෙර දින රාත්‍රියේ අයි. ඕ. සී. ඉන්ධන මිල ගණන් ද ඉහළ දමනු ලැබුවා.

මේ අතර ඉන්ධන ලබාගැනීම සඳහා ඊයේත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණා. 

No description available.

No description available.
No description available.
No description available.
No description available.
No description available.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top