ගාලු පාරේ ගමනාගමනයට බාධා - මහනුවරත් උණුසුම් (Photos)
Tuesday, 19 April 2022 - 16:04 | Views - 4,680
විරෝධතාවක් නිසා ගාලු පාරේ - බෙන්තොට ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.එමෙන්ම තෙල් ඉල්ලා සිදු කරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කැස්බෑව මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව ද වාර්තා වනවා.මේ අතර, පාසල් අවසන් වී නිවෙස් වෙත යමින් සිටි පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රියකට කිසියම් පුද්ගලයින් පිරිසක් විසින් මග හරස් කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.විරෝධතාකරුවන් විසින් මහනුවර සිට වව්නියාව දක්වා ගමන් කිරීමට සූදානම් වූ ලංගම බස් රථයක් වටකර ගනිමින්, එහි රියැදුරුට පහරදීමට උත්සාහ දරා තිබෙනවා.නමුත් එම අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් විසින් බස් රථයේ ගමන් ගන්නා පාසල් සිසුන්ට නිදහසේ යන දෙන ලෙස බලකරමින්, බස් රථය මුදා හැරීමට ක්‍රියා කරන ලෙසට ප්‍රකාශ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.බහින්බස් වීම දුරදිග ගොස් දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගත් අතර, ගැටුම සමථයකට පත්කොට, බස් රථය මුදා හැරීමට පොලීසිය කටයුතු කළා.




Share This Article