පාන් මිල ඉහළට
Tuesday, 19 April 2022 - 15:03 | Views - 2,015
තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව රුපියල් 75 සිට ඉහළ විවිධ මිල ගණන්වලට අලෙවි වූ ග්‍රෑම් 450ක් බරැති සාමාන්‍ය පාන් රාත්තලක මිල රුපියල් 30කින් ඉහළ යනු ඇති.
එමෙන්ම රුපියල් 100ට වැඩි විවිධ මිල ගණන් යටතේ අලෙවි වූ කෙටි කෑම නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙන සැන්ඩ්විච් පාන් රාත්තලක මිල ගණන් ප්‍රකාශයට පත් කර නැහැ.
එමෙන්ම, අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන් ද රුපියල් 10කින් ඉහළ ගොස් තිබෙනවා.
Share This Article