සහරාන්ගේ සුපිරි රියක් පදින හිටපු ඇමති (Video)
Tuesday, 19 April 2022 - 12:41 | Views - 704
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානම සැකකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් භාවිත කළ සුඛෝපභෝගී ජීප් රථය හිටපු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර භාවිතයට ගෙන ඇති බව ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වන රංග ශ්‍රී ලාල් ඔහුගේ ට්විටර් ගිණුමේ ඡායාරූපයක් ද පළ කරමින් සඳහන් කර තිබුණා.එය උපුටා ගනිමින් අද (19) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.එවිට එම ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු සැපයූ හිටපු අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියේ, එම සුඛෝපභෝගී රථය රාජ සන්තක කරගැනීමෙන් අනතුරුව විශේෂ කාර්යය බලකායට පවරා ඇති රථයක් බවයි.එය තමන් භාවිතා නොකළ බවත් ඔහු අවධාරණය කළා.කෙසේවෙතත් නැවතත් ප්‍රශ්න කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විමසා සිටියේ, සහරාන් හෂීම්ට එරෙහිව නඩු කටයුතු රාශියක් ක්‍රියාත්මක වෙද්දී ඔහු විසින් භාවිත කළ චංචල, නිශ්චල දේපොළ නඩු භාණ්ඩ බවට පත් ව තිබිය දී, අමාත්‍යවරයෙකු නඩු භාණ්ඩයක් වන වාහනයක් භාවිත කරන්නේ කෙලෙස ද ? යන්නයි.

Share This Article