වැඩි වූ මිලට එරෙහිව - ත්‍රීරෝද රථ හිමියන් විරෝධතාවක (Photos & Video)
Tuesday, 19 April 2022 - 11:45 | Views - 1,095
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ත්‍රිරෝද රථ හිමියන් පිරිසක් විරෝධතාවක නිරත වනවා.

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය පානදුර නගරයෙන් අවහිර කරමින් මොවුන් මෙම විරෝධතාවයේ නිරත වන බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, අනුරාධපුර නගරයේ ද මේ වනවිට පවතින ආණ්ඩුවට එරෙහිව ජනතාව වීදි බැස තිබෙනවා.

එමෙන්ම, අද දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර ඇති බව වෘත්තීය සමිති නියෝජිතයින් පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේෂ් පැවසුවේ, දිවයිනේ වැඩබිම්වල නියැලෙන සියලු දෙන අද දින වැඩ බිම් වර්ජනය කොට, අරගලයට එක්වන බවයි.

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලබන මෙම දීප ව්‍යාප්ත ජාතික කළු විරෝධතාව හා උද්ඝෝෂණ මාලාව හෙට (20) පස්වරු 12.30 -1.30 ට සියලුම දිස්ත්‍රික්කයන්හි දී ආරම්භ වනු ඇති.

එම දිස්ත්‍රික්ක ලැයිස්තුව අනුව අරගලයට එක්වන දිස්ත්‍රික්ක ලෙස දක්වා ඇත්තේ, අනුරාධපුරය - බැංකු වටරවුම,
අම්පාර - රීගල් හන්දිය, බදුල්ල - බස්නැවතුම්පොළ අසල, මඩකලපුව - ගාන්දී පාක්, ගාල්ල - බස්නැවතුම්පොළ ඉදිරිපිට, ගම්පහ - මිරිස්වත්ත හන්දිය, හම්බන්තොට - අම්බලන්තොට ඔරලෝසු කණුව අසල, කලුතර - මහජන බැංකුව අසල, මතුගම ඔරලෝසු කණුව ඉදිරිපිටදී, මහනුවර - ඔරලෝසු කණුව ඉදිරිපිට ලංකා බැංකුව ඉදිරිපිට,
කෑගල්ල - කඩවීදිය, කුරුණෑගල - ඔරලෝසු කණුව අසල, මාතලේ - ඔරලෝසු කණුව අසල, මාතර - සනත් ජයසූරිය ක්‍රීඩාංගණය අසල, මොණරාගල - ඔරලෝසු කණුව අසල, නුවරඑළිය - තැපැල් කාර්‍යාලය ඉදිරිපිට, හැටන් - මල්ලි අප්පු මංසන්දියේදී, යාපනය - කච්චේරිය ඉදිරිපිට, වව්නියාව - කාර්ගීල්ස් ඉදිරිපිට, ත්‍රිකුණාමලය - බස්නැවතුම්පොළ අසල, පොලොන්නරුව - කදුරුවෙල දුම්රිය පොළ ඉදිරිපිට, පුත්තලම - හලාවත නගරය සහ රත්නපුර - මහජන බැංකුව ඉදිරිපිට දී මෙම දැවැන්ත උද්ඝෝෂණ රැළිය ඇරඹෙනු ඇති. 














Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top