තිරිඟු පිටි මිල නැවතත් ඉහළ යයි
Tuesday, 19 April 2022 - 11:12 | Views - 1,937
ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල අද (19) දින සිට රුපියල් 40කින් ඉහළ දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය තිරිඟු පිටි තොග ලබා ගැනිමේ දි සෑම කිලෝවකටම රුපියල් 40 ක් වැඩි කර සමාගම වෙත මුදල් බැර කරන ලෙස සමාගම විසින් අලෙවි නියෝජිතයන් වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

නව මිල වැඩි කිරිමත් සමග තිරිඟු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රු 240 සිට රු 250 දක්වා ඉහළ යන බව අලෙවි නියෝජිතයන් පවසනවා.

මේ අතර සමස්ත ලංකා ආපණ ශාලා හිමියන්ගේ සංගමය පවසා සිටින්නේ, මෙම මිල ඉහළ දැමීම හේතුවෙන් සියලුම කෙටි කෑම ඇතුළු ආහාර පානවල මිල 20%කින් ඉහළ දැමීමට සිදු වී ඇති බවයි.

දැනට වෙළෙඳපොළේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රු 110කට අලෙවි වන අතර, තිරිඟු පිටි ඉහළ යාමත් සමග බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල 70%කින් පමණ ඉහළ ගොස් ඇති බව ද බේකරි හිමියන් සඳහන් කළා.

සෙරෙන්ඩිබ් තිරිඟු පිටි සමාගම ද තිරිඟු පිටි කිලෝවක මිල වැඩි කරන බව දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම්දී ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top