ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල අද (19) දින සිට රුපියල් 40කින් ඉහළ දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම්දී තිබෙනවා.
ඒ අනුව අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය තිරිඟු පිටි තොග ලබා ගැනිමේ දි සෑම කිලෝවකටම රුපියල් 40 ක් වැඩි කර සමාගම වෙත මුදල් බැර කරන ලෙස සමාගම විසින් අලෙවි නියෝජිතයන් වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
නව මිල වැඩි කිරිමත් සමග තිරිඟු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රු 240 සිට රු 250 දක්වා ඉහළ යන බව අලෙවි නියෝජිතයන් පවසනවා.
මේ අතර සමස්ත ලංකා ආපණ ශාලා හිමියන්ගේ සංගමය පවසා සිටින්නේ, මෙම මිල ඉහළ දැමීම හේතුවෙන් සියලුම කෙටි කෑම ඇතුළු ආහාර පානවල මිල 20%කින් ඉහළ දැමීමට සිදු වී ඇති බවයි.
දැනට වෙළෙඳපොළේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රු 110කට අලෙවි වන අතර, තිරිඟු පිටි ඉහළ යාමත් සමග බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල 70%කින් පමණ ඉහළ ගොස් ඇති බව ද බේකරි හිමියන් සඳහන් කළා.
සෙරෙන්ඩිබ් තිරිඟු පිටි සමාගම ද තිරිඟු පිටි කිලෝවක මිල වැඩි කරන බව දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම්දී ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.