මූඩි ආයෝජන සේවාව මෙරට පහත හෙළයි
Tuesday, 19 April 2022 - 10:11 | Views - 191
ජාත්‍යන්තර මූඩි ආයෝජන සේවාව මගින් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව හෙවත් ක්‍රයශක්ති වර්ගීකරණය පහත හෙලා තිබෙනවා.

ඒ, විදේශ ණය මුදල් පියවීම අත්හිටුවීමට රජය ගනු ලැබූ තීරණයත් සමගයි.

මූඩි ආයෝජන සේවාව මගින් මෙතෙක් සී.ඒ.ඒ. ටූ ලෙස ලබාදී තිබූ මෙරට ණය ශක්ති වර්ගීකරණය පහත හෙළා ඇත්තේ සී.ආර් ලෙසින්.

මෙරට විදේශ ණය වාරික පියවීම් පළමු පැහැර හැරීමට ලක්වීමට නියමිතව තිබුණේ ඊයේ (17) දිනයේදියි.

මූඩි අයෝජන සේවාව සඳහන් කළේ පෞද්ගලික අංශයේ ණය දායකයන්ට මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පාඩු සිදුවීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවයි.

විදේශ සංචිතය පිරිහීම, ගෙවුම් ශේෂ හිගය ඉහළ යාම,ආහාර සහ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම මෙන්ම සංචාරක ක්ෂේත්‍රය සහ ඍජු විදේශ ආයෝජන ප්‍රකෘතිමත්වීම මන්දගාමී වීම ද මෙරට ආර්ථිකයේ ඍණාත්මක ප්‍රවණතාවන් ලෙස මූඩි ආයෝජන සේවාව හඳුන්වනු ලැබුවා.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top