ප්‍රදේශ කිහිපයක පෞද්ගලික බස් රථ - ධාවනයෙන් ඉවත් වී වර්ජනයක (Photos)
Tuesday, 19 April 2022 - 9:30 | Views - 1,948
ඉන්ධන ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට දිගන ප්‍රදේශයේ දී බාධා එල්ල වී තිබෙනවා.

හිරු වාර්තාකරු සදහන් කළේ අද (19) උදෑසන ප්‍රදේශවාසීන් පිරිසක් ඉන්ධන ඉල්ලා විරෝධතාවක් ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

එමෙන්ම රඹුක්කන නගරයේ ද අද උදෑසන ඉන්ධන ඉල්ලා විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ හේතුවෙන් රඹුක්කන නගරයේ රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ඉන්ධන ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් තවත් ප්‍රධාන මාර්ගයක් අවහිර වී තිබෙනවා.

ඒ කොළඹ - හලාවත මාර්ගයේ කාකපල්ලිය ප්‍රදේශයයි.

එමෙන්ම ඉන්ධන හිඟතාව හේතුවෙන් මහනුවර - දිගන බස් ධාවනය ද යම් දුර්වලක මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

එසේම තවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මිල ඉහළ දැමීමත් සමග ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාව පළ කිරීම සදහා ඔවුන් මෙලෙස බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බවටයි වාර්තා වන්නේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ අද (19) උදෑසන කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ හිමියන් සිය ධාවන කටයුතුවලින් ඉවත් වී ඇති බවයි.

මේ අතර අද උදෑසන සිට ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සහ ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශ කිහිපයක විරෝධතා ද ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව රඹුක්කන ප්‍රදේශයේ සිදු කරන විරෝධතාවක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව සදහන්.
No description available.


No description available.

No description available.

No description available.

No description available.









Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top