මහනුවර - මහියංගනය මාර්ගයේ ගමනාගමනයට බාධා
Tuesday, 19 April 2022 - 9:08 | Views - 2,968
ඉන්ධන ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් මහනුවර - මහියංගනය ප්රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට දිගන ප්රදේශයේ දී බාධා එල්ල වී තිබෙනවා.
හිරු වාර්තාකරු සදහන් කළේ අද (19) උදෑසන ප්රදේශවාසීන් පිරිසක් ඉන්ධන ඉල්ලා විරෝධතාවක් ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.
එමෙන්ම රඹුක්කන නගරයේ ද අද උදෑසන ඉන්ධන ඉල්ලා විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ හේතුවෙන් රඹුක්කන නගරයේ රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article