සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පුතු මෙලොව එළිය නොදැකම අවසන් ගමනේ (Photos)
Tuesday, 19 April 2022 - 8:29 | Views - 2,303
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ( Cristiano Ronaldo) සහ ඔහුගේ බිරිඳ වන ජෝර්ජිනා රොඩ්‍රිගස් (Georgina Rodriguez) බිළිඳා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (18) දින රොනාල්ඩෝ සිය නිල ට්විටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවල සටහනක් තබමින් කියා සිටියේ, තම සිඟිත්තා මියගිය බවයි.

තම දරුවාගේ මරණය සම්බන්ධයෙන් හෙතෙම සංවේදීව මෙසේ ද අදහස් පළ කර තිබුණා.

''අපේ දරුවා මියැදීම බලවත් ශෝකයෙන් යුතුව ප්‍රකාශ කිරීමට සිදු ව ඇති අතර, එය ඕනෑම දෙමව්පිය පාර්ශ්වයකට දැනෙන ලොකුම වේදනාව බව ද සඳහන් කර තිබෙනවා. ("It is with our deepest sadness we have to announce that our baby boy has passed away. It is the greatest pain that any parents can feel.")

ලෝකයේ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ක්‍රීඩා කරන මෙම සුපිරි පාපන්දු තරුව විසින් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී නිවේදනය කළේ, තමන් සහ බිරිඳ දරුවන් අපේක්ෂා කරන බවයි.

එමෙන්ම, පසුව දෙසැම්බරයේ දී නිවේදනය කළේ, ඔවුන් නිවුන් දරුවන් බලාපොරොත්තුව ඇති බවත්, එම දරු පැටවුන් පිරිමි සහ ගැහැණු දරුවන් වන බවයි.

කෙසේවෙතත්, ‍රොනාල්ඩෝ යුවලට දාව ගැහැණු බිළිඳයක් උපත ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රොනාල්ඩෝ යුවල නිවේදනය කළේ, තම සිඟිත්තා මරණ‍ය දැඩි වේදනාවක් මෙන්ම, එය යම් තරමකට දුක තුනීකොට,වේදනාව සමනය කරගැනීමට උත්තේජනයක් ලබාදෙන්නක් බවයි.

එමෙන්ම, මේ වනවිටත් උපත ලැබූ නව සිඟිත්තිය වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ දැඩි අවධානය සහ උපකාර යටතේ සුරක්ෂිතව සිටින බවත්, ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කළ සියලුම රෝහල් කාර් යය මණ්ඩලයටත් රොනාල්ඩෝ යුවල සිය ගෞරවය සහ ස්තුතිය පුදකර සිටිනවා. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top