සිපෙට්කෝ ඉන්ධන මිලත් ඊයේ රැයේ සිට ඉහළට
Tuesday, 19 April 2022 - 7:17 | Views - 995
පෙට්රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල සටහන් වන්නේ රුපියල් 338 ක් ලෙසින්.ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 373 ක් වශයෙන්.ඔටෝ ඩීසල් ලීටර් 1 මිල රුපියල් 289 ක් වශයෙනුත් සුපර් ඩීසල් ලීටර 1 මිල රුපියල් 329 වශයෙනුත් ඉහළ දමා තිබෙනවා.මේ අතර, යතුරුපැදි, ත්රිරෝද රථ, මෝටර් රථ, වෑන් සහ ජීප් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දී පනවා තිබූ සීමා ඉවත් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති පවසනවා.

Share This Article