ප්‍රියන්ත කුමාර ඝාතනයට සම්බන්ධ - හය දෙනෙකුට මරණ දඬුවම
Tuesday, 19 April 2022 - 7:14 | Views - 217
2021 දෙසැම්බර් මාසයේදී පාකිස්තානයේ සියල්කෝට් හිදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික ඉංජිනේරු වරයෙකු වන ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකුට මරණ දඬුවම පැනවීමට පාකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණය තීරණය කර තිබෙනවා.

මාස හතරකට අධික කාලයක් අඛණ්ඩව විභාගයට ගැනුණු මෙම නඩු විභාගයේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී තවත් පුද්ගලයින් හත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමටත් අධිකරණය නියෝග කළා.

මීට අමතරව කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී ප්‍රියන්ත කුමාරව කෲර ලෙස ඝාතනය කිරීමට හවුල් වූ තවත් පුද්ගලයින් 76 දෙනකුට වසර දෙක බැගින් වන සිර දඬුවම් නියම වී තිබෙනවා.

ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු වන ප්‍රියන්ත කුමාර 2021 දෙසැම්බර් දෙසැම්බර් 3 වැනිදා සියල්කොට්හි ඔහු කළමනාකාරිත්වය දැරූ කම්හලේ සේවකයන් ඇතුළු විරෝධතාකරුවන් සිය ගනණකින් සමන්විත මැර පිරිසක් විසින් ඝාතනය කෙරුනා.

පාකිස්තාන ආගමික අන්තවාදීන්ගේ කෲර ‍ප්‍රහාරයට ලක් වූ ප්‍රියන්ත කුමාර දැඩි ලෙස වධහිංසා පමුණුවා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර ප්‍රසිද්ධියේ පුළුස්සා දැමුනා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ එවකට පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඉම්රාන් ඛාන් අදාළ සිද්ධියට සම්බන්ධ සියළුම පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ තරාතිරම් නොබලා දැඩි දඬුවම් පමුණුවන ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා.

ඉන් නොනැවතුනු ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් සහ ප්‍රියන්ත කුමාරගේ පවුලෙන් සමාව ඉල්ලා සිටි අතර ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරට පාකිස්තාන රජයේ මැදිහත් වීමෙන් සහ කර්මාන්තශාලාවේ මැදිහත්වීමෙන් වන්දි මුදලක් පිරි පිරිනැමීමට ද කටයුතු කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top