නව කැබිනට් ඇමතිවරුන්ගෙන් - ජනපති ඉල්ලන දේ
Monday, 18 April 2022 - 13:56 | Views - 772
රාජ්‍ය ආයතන දැඩි මූල්‍ය අර්බුදයක ඇති නිසා දූෂණ මැඩලීමට වරප්‍රසාද අපේක්ෂා නොකර කටයුතු කරන ලෙසත්, ජනතාව ඉල්ලා සිටින වෙනස සිදු කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නව කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

අද (18) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවැති නව කැබිනට් ධුර ප්‍රදාන අවස්ථාවට එක්වෙමිනුයි, ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

ඒ අනුව අද දිනයේ දී නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස නව අමාත්‍යවරුන් 17 දෙනෙකු දිව්රුම් දෙනු ලැබුවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රි යන අයවලුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදු නොවූ බවයි.

ඒ අනුව එම අමාත්‍යවරුන් සුපුරුදු පරිදි සිය අමාත්‍ය ධුර කටයුතු මෙහෙයවනු ඇති.

මේ අතර, නව කැබිනට් මණ්ඩලය අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ කතාව අද (18) රාත්‍රී 7.30ට හිරු ටී.වී නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top