ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඩීසල් - පෙට්‍රල් මිල නැවතත් ඉහළට
Monday, 18 April 2022 - 7:31 | Views - 928
ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සියලු ඩීසල් වර්ගවල මිල ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල ඉහළ යන්නේ රුපියල් 75කින්.

මේ අතර, එම සමාගම විසින් අලෙවි කරනු ලබන සියලුම පෙට්‍රල් මිල ගණන් ද ලීටරයක් රුපියල් 35කින් ඉහළ යනු ඇති.

ඒ අනුව සංශෝධිත මිල ගණන් මෙසේයි.

අයි.ඕ.සී ඔක්ටේන් (92) පෙට්‍රල් නව මිල රුපියල් 338ක් ලෙස ද, ඔක්ටේන් (95) රුපියල් 367ක් ලෙස ද සටහන් වනවා.

ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 327ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ, නව මිල වැඩිවීම රුපියල් 75කින් වැඩිවීමත් සමගයි.

ප්‍රිමියම් ඩීසල් ලීටරයක මිල ද නව සංශෝධනයකට ලක් වන්නේ, රුපියල් 295ක් ලෙසයි.

අයි.ඕ.සී ඔක්ටේන් (92) පෙට්‍රල් පෙර මිල පැවතියේ රුපියල් 303ක් ලෙසයි.

එය දැන් රුපියල් රුපියල් 338ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔක්ටේන් (95) පෙට්‍රල් ලීටරයක් රුපියල් 367ක් ලෙස සටහන් වනුයේ එහි පෙර මිල රුපියල් 332ක ඉක්මවා යාමත් සමගයි.

රුපියල් 214ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල පෙර පැවතියේ රුපියල් 252ක් ලෙසයි.

ප්‍රිමියම් ඩීසල් ලීටරයක මිල රුපියල් 295ක් දක්වා ඉහළ යනුයේ, පෙර මිල රුපියල් 220 ද අභිබවා යමින්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top