බක් පුර පස්ළොස්වක පොහෝ දිනය අදයි - හිරු සීල පාරමිතාව බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දී ඇරඹෙයි
Saturday, 16 April 2022 - 9:58 | Views - 296
බක් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සැදැහැ සිතින් සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට පැවැත්වෙනවා.

උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු සීල පාරමිතාව ආරම්භ වුණා.

එම කටයුතු සහ ධර්මානුශාසනාව සිදු කළේ ඵෙතිහාසික බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී පූජ්‍ය බොරලැස්ගමුවේ තේමරතන හිමියන් විසින්.

උදෑසන 7.30ට පෝදා ධර්ම දේශනය, පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් විසින් සිදු කිරීමට නියමිත යි.

එමෙන්ම, ”දෙව්ලොව යන කරුණු” මාතෘකාව කරගත් විශේෂ ධර්ම සාකච්ඡාවක්ද පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙන්නේ බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ සහ මහචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිත ධම්ම ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන්.

අනතුරුව පෙරවරු 11ට කාව්‍යමය ධර්ම දේශනාව කාව්‍ය ශූරී කාව්‍ය විශාරද පූජ්‍ය මාපිටියේ සිරිසුමන හිමියන් විසින් පවත්වනු ඇති.

පස්වරු 3.30ට ගුරුවරුන්ට සැලකීම පිළිබඳව වන කාලීන ධර්ම සාකච්ඡාව මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් සහ ප්‍රවීන ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා මෙන්ම ප්‍රවීන දේශක අකිල විමංග සෙනවිරත්නගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top