සූර්ය සිංහලේ හිරුත් එක්ක අවුරුදු සැමරුම
Thursday, 14 April 2022 - 10:31 | Views - 607
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුවහසක් ප්රේක්ෂකයින් වෙත හිරු ටී.වී. ගෙන එන සූර්යය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු සජීවි වැඩසටහන මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මෙවරත් සූර්යය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු වැඩසටහන පැවැත්වෙන්නේ බොල්ගොඩ වයිට් ලෝටස් පරිශ්රයේදීයි.
සියයකට අධික ප්රවීන සහ ජනප්රිය කලා ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සූර්යය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු වැඩසටහන පෙරවරු 06ට ආරම්භ වූ අතර, අලුත් අවුරුදු අසිරිය සහ සිරිතට මුල්තැන දෙමින් අද දවස පුරා එම කටයුතු ක්රියාත්මකයි.
නැටුම්, ගැයුම්, රැඟුම්වලින් අලංකෘත වූ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු වැඩසටහන සමඟ අද දවස පුරා රැඳෙන්නට හිරු සමඟ බැඳුණු ශ්රාවක ප්රේක්ෂක ඔබට අප ආරාධනා කරනවා.
Share This Article