අද අවුරුදු නැකත්
Thursday, 14 April 2022 - 10:24 | Views - 282
මෙවර අලුත් අවුරුදු උදාව අද පූර්ව භාග 8.41ට සිදුවුණා.
අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ පූර්වභාග 9.05ට යි.
එහිදී රන් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරි මිශ්ර කිරිබතක් සහ උඳු පිටි මිශ්ර කැවිලි වර්ගයක් පිළියෙල කර ගැනීම සුදුසු බවයි නැකත් සීට්ටුවේ සඳහන් වන්නේ.
අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අද පූර්ව භාග 10.17ට යෙදී තිබෙනවා.
Share This Article