පාස්කු ප්‍රහාරයට - 735 දෙනෙකු අල්ලයි
Tuesday, 12 April 2022 - 16:15 | Views - 392
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් 735 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අත්අඩංගුවට ගත් පිරිසෙන් 196 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.
එමෙන්ම, පුද්ගලයින් 493 දෙනෙකු මේ වනවිට ඇපමත නිදහස් කර ඇති බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.
Share This Article