සිරකරුවන්ට අවුරුදු උදාවට අලුතින් හිමිවෙන අවසරය
Tuesday, 12 April 2022 - 15:54 | Views - 542
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අද (12) සිට (16) වැනි දා දක්වා සිරකරුවන්ගේ ඥාතින්ට සිරකරුවන් බැලීමට අවස්ථාව උදා කර දී තිබෙනවා.
ඒ අනුව එක් සිරකරුවෙකුගේ අමුත්තන් තුන් දෙනෙකුට මෙම අවස්ථාව හිමි වනු ඇති බවටයි සඳහන් වන්නේ.
අද බන්ධනාගාර මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
Share This Article