නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කරන්නන් සොයා මෙහෙයුම්
Tuesday, 12 April 2022 - 10:42 | Views - 703
නිසි බලධරයෙකුගේ බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් සම්බන්ධව වැටලීම් තවදුරටත් සිදුකරන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළා.ඇතැම් පිරිස් අනවශ්‍ය ලෙස ඉන්ධන එකතුකර ගනිමින් එය ජාවාරමක් ලෙස සිදුකරන බවට, මේ වනවිට නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.පසුගිය දින කිහිපයේ දිවයින පුරා මේ සම්බන්ධයෙන් වැටලීම් 68ක් සිදු කර ඇති අතර එහිදී පෙට්‍රල් ලීටර් 8,025ක්, ඩීසල් ලීටර් 726ක් පොලිස් භාරයට ගෙන තිබෙන බවද එම නිවේදනයේ සඳහන් වුණා. කෙසේ වෙතත් ඇති වී ඇති මෙම අර්බුදයත් සමගම අවසර නොමැතිව භූමිතෙල් වැනි ඉන්ධන අලෙවි කරන ස්ථාන ද වටලා එහි සිටි සැකකරුවන්ද අත් අඩංගුවට ගෙන තිබෙන බවද පොලීසිය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් ව තිබුණා. එම නිවේදනය පහතින්...

Share This Article