අත්‍යවශ්‍ය ඖෂධ සපයා ගැනීමට, දානපතියන්ගේ සහාය ඉල්ලයි
Tuesday, 12 April 2022 - 7:36 | Views - 267
විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මෙරට ජනතාවට අවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ ලබාගැනීම සඳහා සහය වන්නැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විදෙස් දානපතියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය ඖෂධ 273ක් කඩිනමින් සපයා ගැනීම සඳහා සිදු කළ මෙම ඉල්ලීම විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා විදේශීය තානාපති කාර්යාල වෙත යොමුකර ඇති බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශය යොමු කළ ලිපියේ දැක්වෙන්නේ දේශීය නිෂ්පාදනය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සහ ඉන්දීය ණය සහන යෝජනා ක්‍රමය යටතේ ඖෂධ සැපයුම් ලබාගැනීමට කටයුතු කර ඇති බවයි.

එහෙත් විදේශ සංචිත අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට නිෂ්පාදනය කළ නො හැකි සහ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කළ නො හැකි ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් මතු වී තිබෙනවා.

මේ නිසා ඇමරිකානු ඩොලර් විනිමය හෝ ද්‍රව්‍යමය ආධාර ලෙස මෙරටට අවශ්‍ය ඖෂධ සැපයුම පවත්වාගැනීමට කටයුතු කරන ලෙසයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය දානපතියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එලෙස පරිත්‍යාග වශයෙන් සපයන ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ද එමඟින් අවධානය යොමුකර තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සහිතව හෝ වෛද්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ ජාතික ක්‍රියාකාරී කමිටුව මගින් අනුමත කරන අදාළ ඖෂධ ජාතික පද්ධතිය හරහා බෙදාහැරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළා.

එමෙන්ම එම පරිත්‍යාග විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක්වන පරිදි නිල මාර්ග ඔස්සේ ලබාදෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යාංශය විදෙස් දානපතියන්ගෙන් ඉල්ලා සිටින්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top