පවතින අර්බුදයෙන් ගොඩ ඒමට හැකි සෑම පියවරක්ම ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
ගෑස් ලබාගැනීමට පෝලිම්වල සිටින කාන්තාවන් ද ඇතුලු ජනතාවගේ මෙන්ම ඉන්ධන පෝලිම්වල සිටින ජනතාවගේ වෙහෙස හොඳින් වැටෙහන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි අගමැතිවරයා මේබව කියාසිටියේ.
පොහොර සහනාධාරය යළි ලබාදීමට තීරණය කර ඇතැයි ද අගමැතිවරයා කියාසිටියා.
කාබනික වගාවකට යාම මෙය අවස්ථාව නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.
පවතින අර්බුදයෙන් රට ගොඩනැගීමට එක්වන ලෙසට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කළ ද ඔවුන් නොපැමිණි බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.
සියලුදෙනාගේ වගකීම වන්නේ පක්ෂය පිළිබඳ සිතීම නොව එක්වී රට ගොඩගැනීම බව ඔහු කියාසිටියා. තිස් වසරක යුද්ධය නිමා කරනු ලැබුවේ ජනතාව මෙවැනි තත්වයකට පත් කිරීමට නොවන අතර අධිවේගී මාර්ග ඉදිකරනු ලැබුවේ ජනතාව පෝලිම්වල රස්තියාදු කිරීමට නොවන බවයි ඔහු කියාසිටියේ.
ජනතාව මහා මාර්ගවල විරෝධතාවල නිරතවන සෑම අවස්ථාවක ම රටට ඩොලර් ලැබීමට ඇති අවස්ථා අවහිර වන බව ද අගමැතිවරයා පෙන්වා දෙනවා.
මහා ප්‍රතිසංස්කරණ සිදු කිරීමට පෙර ජාතියට අත්වී ඇති විනාශයෙන් බේරා ගැනීම සියලුදෙනාගේ වගකීම බවයි ඔහු පෙන්වා දෙන්නේ. සියලුදෙනා ඉවසිලිවන්තව ධෛර්යයෙන් කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ද ඔහු ප්‍රකාශ කළා.