හෙට සිට දින තුනක් කෑන් වලට තෙල් නෑ
Monday, 11 April 2022 - 14:05 | Views - 1,316
හෙට (12), අනිද්දා (13) සහ 14 වනදා ඩීසල් සහ පෙට්‍රල්, කෑන්, බූලි වලට ලබා නොදෙන බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ කෘෂිකර්මාන්තයේ නිරත පිරිස් ඉන්ධන ලබාගැනීමේදි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සහ කෘෂිකර්ම නිලධාරිවරයාගේ අවසරය රැගෙන ආ යුතු බවයි.
එමෙන්ම ඉන්දියානු ණය ක්‍රමය යටතේ හිමිවන ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදලින් මේ වනවිට මිලියන 375 ක පමණ ඉන්ධන ලබාගෙන ඇති බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පෙන්වා දුන්නා.
Share This Article